බස්නාහිර පළාතේ සියනෑ කෝරළේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වීරගුල ග්‍රාමයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රටට ,දැයට තිලිණ කරන කීර්තිමත් විදුහල් මාතාවකි. වීරගුල කනිෂ්ඨ විදුබිමේ අධ්‍යාපනය ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම පාසල විනයගරුක නැණවත්,ගුණවත් දක්ෂ දරු පිරිසක් ලොවට දායාද කරයි.
කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් දරු පිරිසක් බිහි කිරීම අපගේ දැක්ම වේ.
ජාතික අරමුණු සාක්ෂාත් කරගැනීමට ඉවහල් වන්නා වූ කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික වශයෙන් පිරිපුන් පුරවැසියෙකු බිහිකිරීම අපගේ මෙහෙවර වන්නේය.