![]() ![]() |
1934 වසරේ දී ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් විනාශ වී ගිය වීරඟුල පෙහෙකම්හල පිහිටා තිබුනේ A.D.P. රණසිංහ (වතුරමලේ වෙද මහතා )ගේ ඉඩමකය. ඉන් අනතුරුව වෙද මහතා මෙම ඉඩම පරිත්‍යාගකිරීමෙන් පෞද්ගලික පාඨශාලාවක් ආරම්භකර සර් D.B.ජයතිලක මැතිතුමා ලවා විවුර්ත කොට පාසල ආරම්භ කළේය.
වතුරමලේ වෙද මහතා පාසලේ කළමනාකරිත්වය දරමින් වසර 1 1/2 පමණ කාලයක් ගුරුවරුන්ට තම පුද්ගලික ධනයෙන් වැටුප් ලබා දී කටයුතු කළේය.
"නවසිගහවත්ත" යන නමින් හදුන්වනු ලබන වීරඟුල පාසල පිහිටි ඉඩමේ මුළු බිම් ප්‍රමාණය අක්කර 1 අඩි 2යි පර්චස් 12කි.
1950 වන විට පාසල පිහිටි ඉඩම ඉඩකඩ මදි වූ හෙයින් A.A.D. අමරසිංහ මහතා අක්කර (1/4)කාලක් ඉඩම් කැබැල්ලක් පාසලට පරිත්‍යාග කළේය.තවද 'පරම වින්‍යර්ථ'බෞද්ධ සමගම යටතේ ලියාපදිංචි කළ මේ පාසල 1945 D.W.W. කන්නන්ගර නිදහස් අධ්‍යාපන නිර්දේශමත 1962.08.01 දින රජයට පවරාගෙන 1526 යටතේ ලියාපදිංචි කරන ලදී.1950 - 1970 කාලය අතර තුල පාසලේ ස්ථිර ගොඩනැගිලි ආදිය සකස් විනි.







