* 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයෙන් අත්තනගල්ල දිසාමන්ත්‍රී ලෙස මුල් වරට පත් වූ S.W.R.D.බණ්ඩාරනායක ශ්‍රීමාතාණන්ගෙ සංකල්පයක් යටතේ අත්තනගල්ල ආසනය තුල පේෂකම් මාධ්‍යස්ථාන 4ක් ආරම්භ කරන ලදී.වීරඟුල, මොට්ටුන්න,බේම්මුල්ල,ඌරපොල මේවා පිහිටි ස්ථාන වේ.පෙහෙකම්හල ආරම්භ කර වසර කිහිපයකින් පසුව ඇතිවූ කුණාටු සහිත ධාරානිපාත වර්ෂාවෙන් විනාශ විය.

වීරඟුල විදුහල
* 1934 වසරේ දී ඇතිවූ ධාරානිපාත වර්ෂාවෙන් විනාශ වී ගිය වීරඟුල පෙහෙකම්හල පිහිටා තිබුනේ A.D.P. රණසිංහ (වතුරමලේ වෙද මහතා )ගේ ඉඩමකය. ඉන් අනතුරුව වෙද මහතා මෙම ඉඩම පරිත්‍යාගකිරීමෙන් පෞද්ගලික පාඨශාලාවක් ආරම්භකර සර් D.B.ජයතිලක මැතිතුමා ලවා විවුර්ත කොට පාසල ආරම්භ කළේය.
* වතුරමලේ වෙද මහතා පාසලේ කළමනාකරිත්වය දරමින් වසර 1 1/2 පමණ කාලයක් ගුරුවරුන්ට තම පුද්ගලික ධනයෙන් වැටුප් ලබා දී කටයුතු කළේය.
* "නවසිගහවත්ත" යන නමින් හදුන්වනු ලබන වීරඟුල පාසල පිහිටි ඉඩමේ මුළු බිම් ප්‍රමාණය අක්කර 1 අඩි 2යි පර්චස් 12කි. වීරඟුල පාසල ආරම්භකිරීමෙන් පසුව ඒ සදහා අවට පාසල් වලින් දැඩි විරෝධයක් මතුවිය. එකල පාසල් පිහිටුවීමේ නිතිය යටතේ සැතපුමක් තුළ පාසල් දෙකක් ඉදිකළ නොහැකිය. මේ ගැටලුව පරීක්ෂණය සදහා පැමිණි උසස් නිලධාරියෙකු A.D.P. රණසිංහ මහතා විදුහල වෙත කැදවාගෙන ආවේ සැතපුම් කිහිපයක් දුරින් වූ මගකිනි. ඉන් අනතුරුව ඔහුගේ නිගමනය වූයේ අනෙක් පාසලට යාමට ළමුන්ට දුෂ්කර බැවින් වීරඟුල ගමේ පාසලක් ඉදිකිරීමට සුදුසු බවයි.
පාසලේ මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව 35කි.පාසලේ මුල්ම විදුහල්පතිවරයා ලෙස 1935.02.01 සිට 1936.02.29 දක්වා කටයුතු කළේ D.M.A. කුමාරසිංහ මහත්මා විසිනි.ඔහුගේ සහයට උපගුරුවාරියක ලෙස සමරසිංහ මහත්මියද කටයුතු කර ඇත. 1936.10.01 දින "පරම වින්‍යර්ත"බෞද්ධ සංගමයට අනුබද්ද කරන ලද මෙම පාසල එහි ලියාපදිංචි කරන ලද්දේ 1936.10.01 දිනය. මෙම ලියාපදිංචිය සදහා පාසලේ විදුහල්පති ධූරය පුහුණු ගුරුවරයෙකු දැරිය යුතු බැවින් විදුහල්පති ලෙස J.A.විතානාරච්චි මහතා පත්ව 1937.03.01 දින සිට 1950.01.08 වන දින දක්වා විදුහල්පති ධූරය හෙබවිය.ඉන් අනතුරුව R.A. රණවීර මහතා 1950.01.09 සිට 1952.12.31 වෙනි දිනය දක්වා විදුහල්පති තනතුර හෙබ විය.මෙකල පාසල පිහිටි ඉඩම ඉඩකඩ මදි වූ හෙයින් A.A.D. අමරසිංහ මහතා අත් (y4)කාලක් ඉඩම් කැබැල්ලක් පාසලට පරිත්‍යාග කළේය.තවද 'පරම වින්‍යර්ථ'බෞද්ධ සමගම යටතේ ලියාපදිංචි කළ මේ පාසල 1945 D.W.W. කන්නන්ගර නිදහස් අධ්‍යාපන නිර්දේශමත 1962.08.01 දින රජයට පවරාගෙන 1526 යටතේ ලියාපදිංචි කරන ලදී.1950 - 1970 කාලය අතර තුල පාසලේ ස්ථිර ගොඩනැගිලි ආදිය සකස් විනි.
R.A. අබයරත්න මහතා 1971.01.01 සිට 1972.02.19 දක්වා ද, B.A.D.ජයනායක මහතා 1971.02.20 දින සිට 1971.07.31 දක්වාද,S.G.A.D.P.සේනාධිර මහතා 1971.08.04 දින සිට 1972.08.11.දක්වාද විදුහල්පති ධූරය හෙබවිය පාසලේ සංවිධාන කටයුතුවල පසුබෑමක් මෙන්ම විදුහල්පති ධූරයේ අස්ථාවර බාවය මේ කාලයේ දක්නට ලැබේ. V.K.සුගතන් මහතා 1972.06.12 සිට 1987.01.06 දක්වා විදුහල්පති ධූරය දැරීය.1976 දී A.A.D. ඇල්බට් මහතා විසින් පාසලට ඉඩම් කැබැල්ලක් පරිත්‍යාග කරන ලදී.අධ්‍යාපන කටයුතු මෙන් ම ක්‍රීඩා අංශයේ දියුණුවක් මෙකල දක්නට ලැබේ.
දිනෙන් දින දියුණුවෙමින් පැවති මෙම පාසල්මාතාව වරින් වර විවිධ නම්වලින් හැදිනවූවාය. එනම්,
* දොන් ජෝන් සමරතුංග උපගුරුතුමා පාසල
* ස්වභාෂා මිශ්‍ර පාසල
* බෞද්ධ පාඨශාලාව. නම් විය. එහි වර්තමාන නාමය වන්නේ වීරඟුල කනිෂ්ට විදුහල යන්නයි.
|
ආරම්භ කළ වර්ෂය |
1935.02.01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
61 |
| මුල් ගුරුතුමාගේ නම |
ඩී.ජේ.සමරතුංග මිය |
|
පාසලේ ආදි කතෘගේ නම |
A.D.P. රණසිංහ මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
වීරගුල ස්වභාෂා මිශ්‍ර පාඨශාලාව |
|
පාසල භාරව කටයුතු කිරීම |
ඩී.එම්.කුමාරසිංහ
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1936.10.01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වීරගුල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඒ.දනියෙල් සිංඤෝ |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
එම්.ඒ.ලීලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1935.02.01 |





