* දිනපතා පෙ.ව.7.00ට පෙර පාසලට පැමිණිය යුතුය.
* සෑම සිසුවෙක්ම සම්මත නිළ ඇඳුමෙන් සැරසී පැමිණිය යුතුය.
* පිරිමි දරුවන් 1 cm ප්‍රමාණයට කොන්ඩය කැපිය යුතුය.
* ගැහැනු දරුවන්ගේ හිසකෙස් දික්ව ඇත්නම් මැදින් බෙදා කරල් 2ක් වන සේ ගොතා රිබන් වලින් බැඳිය යුතුය.කොටට කපා ඇත්නම් මුහුණට නොවැටෙන ලෙස සකස් කළ යුතුය.
* කැසට් පට, සී.ඩී. වීඩියෝ, ජංගම දුරකථන, සඟරා පිංතූර මෙන්ම අධ්‍යාපන කටයුතු වලට අදාළ නොවන පොත් වැනි දෑ පාසලට රැගෙන ඒම තහනම් ය.
* පිටස්තර පුද්ගලයන් පාසලට කැඳවාගෙන ඒම නොකළ යුතුය.
* සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම දිනපතා පාසලට පැමිණිය යුතු අතර පාසල් නොපැමිණී සෑම අවස්ථාවක්ම ශිෂ්‍ය වාර්තා පොතේ නියමිත පිටුවේ අනිවාර්යයෙන් ම වාර්තා විය යුතුය.
* පාසල තුළ හා පිටත පාසලේ විනය නීති වලට එකඟව හැසිරිය යුතුය.
* සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම, ශිෂ්‍ය නායක/ ශිෂ්‍ය නායිකාවන්ට අවනත විය යුතුය. ඔවුන්ගේ උපදෙස් පිළිපැදිය යුතුය.
* පාසලේ දේපළ ඔබේ දෙපළ මෙන් සුරක්ෂිත කළ යුතු අතර හානි කරන සිසුන්ට දඬුවම් පණවනු ලැබේ.
* ශිෂ්‍ය වාර්තා පොත දිනපතා පාසලට රැගෙන ආ යුතුය.
* නිදහස් කාලපරිච්ජේද වලදී විෂයට ඇතුළත් පැවරුම් පත්‍රය ලබා ගෙන එහි උපදෙස් තරයේ පිළිපැදිය යුතුය.
* අස්වීම් සහතික, චරිත සහතික, අධ්‍යාපන සහතික ලබා ගැනීමේ දී ශිෂ්‍ය වාර්තා පොත විදුහල්පතිනියට ඉදිරිපත් කළ යුතුය.
* සෑම සිසුවෙක්ම පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුභවතුන්ට කීකරු විය යුතුය.





