වීරගුල කනිෂ්ඨ විද්‍යාලය

පරිසර නියමුවෝ -2024

wee.png
wee.png

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.M ජයතිලක මයා

සියනෑ කෝරලයේ වීරගුල කනිෂ්ඨ විද්‍යාලය අධ්‍යාපනයෙහි  මූලික පරමාර්ථය පෙර දැරිව රටට වැඩදායි නිර්මාණශීලි දරුවන් ලෝකයට දායාද කරන දීප්තිමත් පාසලක් ලෙස අප විද්‍යාලයේ සිසු දරුවන් කලාප,පළාත්,මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියක් ලබා ඇති අතර පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් බොහෝ වෙති.වත්මන වන විට රට,දැය,ආග වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරති.අප පාසල තොරතුරු තාක්ෂණය ,නැටුම්,සංගීත,සිංහල අංශයන්හි පසුගිය වසරයන්හි විශාල ප්‍රගතියක් ලබාගෙන ඇත.අප පාසල විවිධ පාර්ශව සමග අදහස් හුවමාරු කිරීමේදී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.අප පාසල සමග සියලු දෙනා සම්බන්ධ වී පාසලේ දියුණුවට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරන අතර මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සදහා සහය දුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතර රටක අනාගත උරුමයක් වන දරුවන් යහගුණයෙන් මෙන්ම නැණයෙන්ද හෙබි දරුවන් බවට පත් කරන්න හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

W.M ජයතිලක මයා
නියෝජ්‍ය විදුහල්පති
විරගුල කනිෂ්ඨ විද්‍යාලය.